Wednesday, November 11, 2026
HomeNEWSගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට රජයට මූල්‍ය ශක්තියක් නෑ - කැබිනට් මාධ්‍ය...

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට රජයට මූල්‍ය ශක්තියක් නෑ – කැබිනට් මාධ්‍ය හමුවේදී කියයි

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තද දැනට රටේ පවතින මූල්‍ය තත්ත්වය මත අදාළ වෙනස්කම් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ (26) පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවය.

“දැනට රටේ තිබෙන මූල්‍ය තත්ත්වය සමග අදාළ වෙනස්කම් ක්ෂණිකව කිරීමට මේ වනවිට රජයට හැකියාවක් නෑ.”

මේ අරත ගුරු-විදුහල්පති වැටුප් සංශෝධනයට අදාළව ලබන අයවැයට යෝජනා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවති අතර ඊට අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් අද (27) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදුන් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“ගුරු – විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කළ යුතුයි කියන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එකඟ වෙලා තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සුබෝදනී කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන්ට වැටුප් සහ කාර්ය සාධන කොමිසමේ එකඟතාවය පළ වෙලා නෑ. ඒ හරහා අනෙකුත් ක්ෂේත්‍රයන් ගණනාවක වැටුප් විශමතාවයන් නැවත ඇතිවිය හැකි නිසා සමස්තයක් ලෙස සලකා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් අද වැඩිදුරටත් සංගම් සමග සාකච්ඡා කෙරෙන්නේ.  ඒ සාකච්ඡා තුළින් අපි බලාපොරොත්තුවෙනවා ගුරුවරුන්ට අදාළ විශමතා ඉවත් කරනවා වගේම රජයේ අනෙකුත් සේවකයින්ගේ වැටුප් විශමතාවයක් ඇති නොවෙන පරිදි එම යෝජනා ක්‍රියාත්මක කරගැනීම සහ යෝජනා මාලාවක් ලබාගෙන කටයුතු කරන්න. එහි පළවෙනි පියවර ඉදිරි අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න තමයි රජය තීරණය කරගෙන තියෙන්නේ.”

මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ගුරු සංගම් නියෝජිතයින් අතර අද සාකච්ඡාවක් පැවැත්වෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ,

“අගමැති කාර්යාලයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න. පිළිගත හැකි විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙනවා. එහෙම නැතිවුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩය යයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img