අද (01) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 192ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,435ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 79,422කි.
කොවිඩ් ආසාදිතයින් 3,542 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසති.






















