ආසාදිතයින් 698කට සුවයි
මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අද (30) දිනය තුළ ආසාදිතයින් 698ක් පූර්ණ සුවය ලැබීමත් සමගය. ඉන් වැඩිම පිරිසක් බිදුනුවැව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 180ක් වේ.
මේ වන විට සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර, සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 42,063කි.
කොවිඩ් මරණ 195ක් මෙරටින් වාර්තා වේ.






















