Thursday, April 16, 2026
HomeNEWSDevelopment - Economyඇණහිට තිබූ කොළඹ ගුවන් පාලමක ඉදිකිරීම්ඇරැඹෙයි.

ඇණහිට තිබූ කොළඹ ගුවන් පාලමක ඉදිකිරීම්ඇරැඹෙයි.

ඇණහිට තිබූ කොළඹ ගුවන් පාලමක ඉදිකිරීම් නැවතත්…ව්‍යාපෘතිය මේ වසරේ දී අවසන්…කොළඹ බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දක්වා ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ඇරඹෙයි. එය වසර තුනක පමණ කාලයක් ඇණහිට තිබිණ. පොලිස් නිල නිවාස සම්බන්ධ ගැටලුවක් ව්‍යාපෘතියට බාධකයක්ව පැවතියේ ය. ඊට අවධානය යොමු කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා නව පොලිස් නිල නිවාස ලබාදීමට මැදිහත් විය. ඒ අනුව ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ඇරඹෙයි. මේ වසර අවසන් වන විට ව්‍යාපෘතිය නිම කිරීම රජයේ අපේක්ෂාවයි. ව්‍යාපෘතිය නැවත ඇරඹීමෙන් රථවාහන තදබදයට විසඳුම් ලබාදීමට සහ ප්‍රමාද ගාස්තු හේතුවෙන් මතුවන ගැටලු විසඳීමට හැකි බව බිමල් රත්නායක මහතා පෙන්වා දෙයි.මාධ්‍ය අංශය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය.2025.07.08

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img