පසුගිය සෙනසුරාදා (07) මාතර සණස ශ්‍රවණාගාරයේ පැවැති දකුණු පලාත් සංඝ සම්මේලනය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිදුකළ කතාව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගිනි ගත්ත රට නිවන්න සම්පූර්ණයෙන්ම භාවිතා කළේ මගේ කල්පනාවේ හැටියට බුදුදහමයි. ජූලි මාසයේ 9 වෙනිදා එතුමන්ගේ නිවස ගිනි ගන්නා විට මට මතකයි එතුමාගේ ආරකෂක අංශ කිව්වා මෙතැනින් ඉවත්වෙන්න කියලා. මම දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අගමැති ලෙස කිසිඳු බයකින් සැකයකින් තොරව ඒ ප්‍රශ්නයට බුදුදහම අනුව මුහුණදීපු ආකාරය. එතුමා උදෑසන ඒ ගිනිදැල් දිහා බලන්නෙවත් නැතිව මේ රටේ සුවහසක් ජනතාවගේ ගිනිදැල් නිවන්න කටයුතු කළ ආකාරය.මට ඒ වගේම මතකයි එතුමන්ට ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න තැනක් නොමැතිව කොළඹ ස්ථාන කිහිපයක් නම් කරලා උදාහරණයක් විදිහට නගර ශාලාවේ දිවුරුම් දෙනවා කියලා, අග්‍රවිනිශ්‍යකාරයගේ ගෙදර දිවුරුම් දෙනවා කියලා, තවත් මේ වගේ ස්ථාන කිහිපයක් නම් කරලා මුළු කොළඹටම ආරක්ෂාව සපයලා තියෙද්දී ජනාධිපතිතුමන්ගේ නිවස ආසන්නයේ තිබෙන විහාරස්ථානයට අග්‍රවිනිශයකාරතුමන් ගෙන්වාගෙන දිවුරුම්දීලා කලින් සඳහන් කරපු ස්ථාන මග හැරලා වැඩ බලන ජනාධිපති ලෙස 14 වෙනිදා දිවුරුම් දෙනවා. කොහේහරි දිවුරුම් දුන්නොත් ඒ දිවුරුම්දෙන තැන පුළුස්සනවා කිව්වා.මට මතකයි 14, 15, 16, 17, 18, 19, 20. මගේ නිවසට පැමිණෙන දෙස් විදෙස් නියෝජිතයින් ඒ අය මගෙන් එක ඉල්ලීමක් කළා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ අතහරින්න. වෙන ඕන කෙනෙක් තෝරගන්න. එයාට අපි උදව් කරමු කිව්වා. ඒ වෙලාවේ මම හිතුවා මේ අයට දෙන්න ඕන රනිල් වික්‍රමසිංහමයි කියලා.මට මතකයි 20 වෙනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන ඡන්දය. විවිධ බාධක මැද පාර්ලිමේන්තුවේ සිටි 134 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව 8 වන විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගන්නවා. ඒ ගිනි ගෙන දැවෙන රට නිවන්නයි. එතැනින් පස්සේ මේ ගෙවෙන අවුරුදු දෙක තුළ රට නිවීමේ අභියෝගයට මුහුණදෙමින් සිටිනවා. මට මේ ගැන තිබෙන දේශපාලන පළපුරුද්ද අනුව, මම දේශපාලනඥයෙක්. මම වෙනත් බිස්නස් කරන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආව දවසේ පටන් කළේ දේශපාලනය.මට මතකයි ලක්ෂ්මන් යාපාත් මමත් 87, 88 භීෂණය අවස්ථාවේ දකුණු පළාත් සභාව නියෝජනය කරනවා. අපිට වෙඩි හඬ හොඳට පුරුදුයි. වෙඩි හඬක් ඇහුණු පළියට අපි දුවන්නේ නැහැ. ඒ කාලේ දකුණු පළාත් සභාව රැස්වුණේ ගාල්ල නගරසභාවේ. ටවුන් හෝල් එකට එක පාරක් කිලෝ සීයක පමණ බෝම්බයක් තිබ්බා. ගාල්ල නගරශාලාවේ වහළය ගලවගෙන බිමට වැටුණා. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වහළ කඩාගෙන වැටුණා. ඒ අවට තිබුණු හින්දු කෝවිලේත් වහලය කඩාගෙන වැටුණා. ඒ අවට තිබුණු වාහන සියල්ලක්ම කුඩු වුණා. එදත් ඒ ප්‍රශ්නය අපේ සමාජය තුළ දීර්ඝ කාලීනව තිබිලා තිබෙනවා.රනිල් වික්‍රමසිංහ මැතිතුමා 8 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නට පස්සේ මට හිතුනා එතුමා විධායක ජනාධිපති වෙන්නේ විදෙස් බලවේගවලට විරුද්ධවයි. ඒ අවස්ථාවේදී ශ්‍රී ලාංකික බුද්ධිමත් දේශපාලන නායකයින් සියල්ල එකතු වෙලා ඒ විදේශ මතවාදය පරාජය කරලා ඝෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා බොහෝ අය එතුමන්ට දොස් කියනවා. නමුත් මමනම් එහෙම දොස් කියන්නේ නැහැ.බොහෝ අය එතුමන්ට දොස් කියන්නේ නොදන්නා කාරණා නිසා. සමහර කාරණා අපි දන්නවා. ඒ නිසා තමයි මම කියන්නේ කවුරු මොනවා කිව්වත්, ඝෝඨාභය ජනාධිපතිතුමන්ව අපි ආරක්ෂා කරගත යුතුයි කියලා. දෙස් විදෙස් බලපෑම්වලට ලක්වන අපේ දේශපාලන නායකයින් පිළිබඳව අවබෝධයක් තියන නිසයි මම එහෙම කිව්වේ.මට මතකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඝෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමා මුහුදු සීමාවෙන් පිටට යන්න ඕන වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්කර ගන්න. එතුමා මුහුදු සීමවෙන් පිටට ගියා. ඉල්ලා අස්වීමේ ලිපිය එතුමා එව්වා. මට මතකයි ඒ අවස්ථාවේ මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මාත් සමඟ දුරකතනයෙන් කිව්ව කතාව.ඒ අවස්ථාවේදී කතානායකතුමන්ට තිබුණා තනතුරු තණ්හාව තිබෙන කෙනෙක් නම් පාවා දෙන්න පුලුවන්කම තිබුණා. ඒක කවදාහරි දේශපාලන පොත්වල සටහන් වෙයි, කතානායකතුමා ඒ පාවාදීමට එකඟවුනේ නෑ කියලා. මට මතකිය කතානායක නිල නිවස වට කරගෙන අවබෝධයක් නොමැති තරුණ පිරිස් හු කියනවා, ගල් ගහනවා, කෑ ගහනවා ඒ සියලු අය අතරින් ගේට්ටුවේ ඇතුළු වෙන්න බැරි කතානායක නිල නිවසට විදේශීය නියෝජිත පිරිසක් ඇවිත් කියනවා, කතානායකතුමාට මේ රට බාරගන්න කියලා. ඝෝඨාභය මහත්තයට උපදෙස් දෙනවා විදේස් බලවේග ඔබතුමා රටින් පිටවෙනවා නම් රනිල්ව අයින් කරලා යන්න කියලා. කොහොම හරි එතුමා ඒ දේ ඉටු කළේ නැහැ. ඒ නිසා ලෝකයේ ගුවන් තොටුපළක අපිට ඉඩ කඩක් හොයාගන්න ගොඩක් අපහසු වුණා ඝෝඨාබය ජනාධිපතිතුමා මේ රටින් පිටවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.ඝෝඨාබය ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික මහජනතාවට යටත් වුණා නමුත් එතුමා විදේහීකයින්ට යටත් වුණේ නැහැ. ඒකයි මම දන්න දේශපාලන පණිවිඩය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 8 වන විධායක ජනාධිපති වුණාට පස්සේ මට දැන් සැක සංකා බහළ වෙනවා අපේ හාමුදුරුවනේ දැන් ඉතිරිවෙලා තිබෙන්නේ අපේ නායකයෝ ඉතිහාසය පුරා මරා දැම්මා වගේ දැන් තිබෙන ඊළඟ පියවර මරා දැමීම.අපේ ඉතිහාස පොත් දිහා බලනකොට ඒවායේ 1948 දී අපි නිදහස ලබාගත් හැටි සඳහන් වෙනවා. මේ නිදහස ලබාගත් දා සිට අපිට හිටපු සෑම නායකයෙක්ම එක්කෝ අකල් මරණයක්, එසේ නොමැති නම් අකල් මරණයකට ගොදුරු වෙන්න ගොස් බොහෝම අමාරුවෙන් ජීවත් වීම තමයි සිදුවෙලා තිබෙන්නේ.ඩී. එස්. සේනානායක මැතිතුමා අශ්වයා පිටින් වැටුණා කියලා කියනවා. සමහර පොත්පත්වල සඳහන් වෙනවා මේ අශ්වයට ලාඩම් ගහලා තිබුණේ වැරදියට කියලා. අපි මේ ගැන හරියටම දන්නේ නැහැ. මම කියන්නේ පොතේ තිබෙන කතාව. එතැනින් පස්සේ සර් ජෝන් කොතලාවල මහත්මයත් අකාලයේ මේ රටේ දේශපාලන භූමිකාවෙන් ඉවත් වෙනවා. බණ්ඩාරනායක මහත්මයා වෙඩි ප්‍රහාරයකින් නිහඩ වෙනවා. එතුමාගෙන් පස්සේ එතුමන්ගේ මැතිණිය 71 කැරැල්ලෙදී හමුදාවේ කිහිපදෙනෙක් එතුමියව අත්අඩංගුවට ගන්න හදද්දී එතුමියට කල්වේලා ඇතිව නුව පහළ වෙච්චි නිසා ඒ සියලුදෙනාවම සිරගත කළා.ජේ. ආර්. ජයවර්ධන මහත්මයා 77 දී බලයට ආවාට පස්සේ යාපනේ සිර කඳවුරෙි සිටි ඒ 8 දෙනාවම නිදහස්කළා. ඒ සමහර අය අද බොහොම ඉහළ ව්‍යාපාරිකයින්. ඒකට කමක් නැහැ. මිනිස්සු එක්තරා කාලයකදී වැරදි කරන්න පුලුවන්. පසුව නිවැරදි වීමේ අයිතිය නීතිය අනුවත්, බුදුදහම අනුවත් තිබෙනවා. ඒ 8 දෙනාම අවුරුදු 8 ක් හිරගෙදර ඉඳලා එළියට ආවා ඒ නිසා මැතිණිය තමන්ගේ ජීවිතය බොහොම අමාරුවෙන් ආරක්ෂා කර ගත්තා.ඊට පස්සේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ පළවෙනි අවුරුදු 6 යනකොට ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා, සෑහෙන අභියෝගවලට මුහුණ දුන්නා. නමුත් එතුමාටත් බෝම්බ ප්‍රහාරයකට මුහුණදෙන්න වුණා. ඒ වෙන කොහෙදිවත් නෙමෙයි. සම්පූර්ණ ආරක්ෂාව තිබෙන පාර්ලිමේන්තුව තුළදී. මේ බෝම්බය විසිකරන තරුණයාට මම විශ්වාස කරන්නේ නැහැ මූලාශයක් තිබෙනවා කියලා. ඔහු මුදල්වලට භාවිතා වන දාමරිකයෙක්.ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියේ මේ මාතර දිස්ත්‍රික්කයේ කීර්ති අබේවික්‍රම දිසා ඇමතිවරයා. ජේ. ආර් ජයවර්ධන මහත්මයාට මුකුත් වුණේ නැහැ. ඇතුලත්මුදලි මහත්මයා මාස තුනක් ජයවර්ධනපුර රෝහලේ. මේක තමයි අපේ දේශපාලන සංස්කෘතිය. බලන්න ඊට පස්සේ ලලිත් ඇතුලත් මුදලි මහා පාරේ. ඒ මිය යනවිට ප්‍රේමදාස මහත්මයා මිනිමරුවා කරලා ඉවරයි. මේ අද සමාජයේ හොරා හොරා කියන්නේ. අන්න ඒ වගේ.ටික සවසක් ගියාම ප්‍රේමදාස මහත්මයත් මහා පාරේ මිය යනවා. මහා පාරේ මිය ගියාම කියනවා, මිනිමරුවා මිය ගියා කියලා. මොකද එතකොට මතවාදය හදලා ඉවරයි. ගාමිණි දිසානායක මහත්මයා තොටළඟ. සිය දෙනෙක් විතර එක්ක මිය යනවා. එතැනින් පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. එතුමියත් පළවෙනි අවුරුදු 5 ගිහින් දෙවෙනි අවුරුදු 5 යනකොට ටවුන් හෝල් එකෙදී බෝම්බයකට මුහුණ දෙනවා. වාසනාවට එතුමියගේ ජීවිතය අහිමි වෙන්නේ නැහැ.මේ කාරනා ටික මම පාර්ලිමේන්තුවේදී පෙළ ගැස්සුවා. 8 වන විධායක ජනාධිපතිතුමා ආවම මට සැකේ පහළ වෙලා, මම පාර්ලිමේන්තුවේදී මේ කතාව කියනවා. මොකද විදේශීය බලපෑම් පරාජය කරාට පස්සේ ඒ අය හිතන්න පුලුවන් අවසානයට කරන්න පුලුවන් මරාදැමීම පමණයි කියලා. මේක දැකපු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකයි කියන්නේ අපි ඔක්කොම එකතු වෙමු කියලා. ජාතික ප්‍රතිපත්ති රාමුවකට අපි එකඟ වෙමු කියලා.දැන් මේ රටට මෙතනින් එහා යන්න පුලුවන් වෙන පාරක් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පහුගිය අවුරුදු දෙකේදී බැලුවේ මුළු පාර්ලිමේන්තුවම එකට එකතු කරගන්න. වාද භේද නැති කරගන්න. නමුත් ඒ වාදභේද අදටත් තිබෙනවා. මම දන්න දේශපාලන අනුව අද මේ ගම්වලට ලැබෙන රතු පාට වෙන්න පුලුවන්, වෙනත් පාට වෙන්න පුලුවන් මේවා විශාල ආයෝජන. මේවා පිටිපස විවිධ බලවේග තිබෙනවා. නමුත් අහිංසක ගමේ පුරවැසියන් මේවා දන්නේ නැහැ. එය තමයි සත්‍ය.මම පාර්ලිමේන්තුවේදී ඒ කතාව කරලා එනකොට අපේ විදේශ අංශයේ ලොක්කෙක් කතා කරලා කියනවා, ඉක්මනට හම්බෙන්න පුලුවන්ද කියලා. මොකද මම කියනවා මගේ කතාවේදී වෙඩික් කරුවෙක් අහු වෙන්න පුලුවන්. නමුත් මූළාශ්‍රය හම්බෙන්නේ නැහැ කියලා. හොයන්නත් එපා හොයලා පලකුත් නෑ කියලා මම කියනවා.ඉතින් අවසානයේදී මට කියන්න තිබෙන්නේ නිදහසින් පසුව මේ ක්‍රියාත්මක වන බලවේග අප පරාජය කළ යුතුයි, ඒ සඳහා අප සියලුදෙනා අවධියෙන් ක්‍රියා කළ යුතුයි, ඒ සඳහා සැප්තැම්බර් 21 වන දින කියන්නේ ජාතියට ඉතා වැදගත් දිනයක් හැටියටයි මා කල්පනා කරන්නේ. එය ආරක්ෂා කිරීමට කල හැක්කේ අපට වගේම ඔබවහන්සේලා ඒ සඳහා ජාතියට සදාකල් නායකත්වය සපයලා තිබෙනවා, ඒ නායකත්ව තවදුරටත් අපිට ඒ ආශිර්වාදය ශ්‍රී ලංකාවට ලැබෙන් කියන ප්‍රාර්ථනය ප්‍රකාශ කරමින් මම මගේ කතාව අවසන් කරනවා. ස්තූතියි!මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර මැතිතුමා, කංචන විජේසේකර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය ඇතුළු පිරිසක් සහභාගී විය.


























