දෛනික ඉන්ධන ඇණැවුම මෙන් දෙගුණයක ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කරන ලද බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.ඒ හේතුවෙන් රට තුළ කිසිදු ඉන්ධන හිගයක් ඇතිවීමේ ඉඩක් නැතැයි එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.නමුත් කට කතා වලට බියේ ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ගියොත් ගැටලුවක් මතුවනු ඇති බවද හෙතෙම කියා සිටී.කෙසේ වෙතත් ඉන්ධන බෙදුම්කරුවන් සඳහන් කරන්නේ තෙල් ඇණැවුම් ලබා නොදුන්නද තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල්වලට ඇණැවුම කිරීමකින් තොරව ඉන්ධන තොග එවා ඇති බවයි.ඒ අනුව එසේ එවන ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කරන බවත් සංගමය සඳහන් කළේය.






















