Thursday, November 12, 2026
HomeNEWSඇඹිලිපිටිය ජනතාවගෙන් උදාර පරිත්‍යාගයක්

ඇඹිලිපිටිය ජනතාවගෙන් උදාර පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාව පුරා මේ වනවිට කොවිඩ් -19 වසංගතයක් ලෙස පැතිර ගොස් තිබේ.

රෝගීන් සෑම පළාතකින් ම හමුවෙයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ද කොරෝනා රෝගීන් හමුවීමට පටන්ගත් අතර එහි දිස්ත්‍රික් රෝහලට එම රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය PCR යන්ත්‍රයක් නොතිබීම විශාල ගැටලුවක් විය.

රජය ඊට මැදිහත්වීමට පෙර ඇඹිලිපිටියේ ප්‍රදේශවාසීන් තීරණයක් ගත්තේය. තම රෝහලට අවශ්‍ය  PCR යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ඔවුන් තීරණය කළේය.

ඒ සඳහා අරමුදලක් ද පිහිටුවනු ලැබීය. රුපියල් ලක්ෂ 70ක මුදලක් ඉලක්කකර ආරම්භ කළ අරමුදල දින හයක් තුළ අවසන් කළ අතර අරමුදලට එකතුවූ මුදල රුපියල් කෝටිය ඉක්මවා ගියේය.

එම මුදලින් මිලදීගත්  PCR යන්ත්‍රය අද නිල වශයෙන් රෝහලට බාර දෙනු ලැබීය.

ඒ වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොවීමද, කිසිදු ආරාධිතයෙකු සහභාගී නොවිමද විශේෂත්වයක් විය.

PCR පරික්ෂණ පැවැත්වීම සඳහා නව රසායනාගාරයක්ද එම අරමුදලෙන් ඉදිකෙරෙන අකර එහි කටයුතුද මේ වනවිට අවසන් වෙමින් පවතී.

PCR යන්ත්‍රය මිලදී ගැනීමෙන් පසු ඉතිරිවන මුදලින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍යවන උපකරණ කිහිපයක්ද මිලදී ගැනීමට කටයුතු සූදානම්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img