Thursday, November 12, 2026
HomeNEWSඑක්ස්ප්‍රස් පර්ල් නැවේ එක් පැත්තක් මුහුදු පත්ලේ ගැටේ

එක්ස්ප්‍රස් පර්ල් නැවේ එක් පැත්තක් මුහුදු පත්ලේ ගැටේ

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නවතා දැමු බව නාවික හමුදාව පවසයි.

ඒ නෞකාවේ එක් පැත්තක් මුහුදු පත්ලේ ගැටීමත් සමඟ ය.

කෙසේවෙතත් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේදැයි මෙතෙක් නිරීක්ෂණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද නාවික හමුදාව පවසයි.

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමට පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද (02) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු විය.

ගැලවුම්කාර සමාගමේ ටග් යාත්‍රා මඟින් නෞකාව ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබු නමුත් නෞකාව ගිලෙමින් පැවතීම හේතුවෙන් එම කටයුතු එලෙස නවතා දමා තිබේ.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් වු මුහුදේ නැංගුරම්ලා තිබු සිංගප්පුරුවේ ලියාපදිංචි “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව සම්පූර්ණයෙන් ම මුහුදේ ගිලී යෑමෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ධීවරයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්‍රාවලට ධිවර කටයුතුවලින් ඉවත් කරන ලෙස දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img