කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාදුන් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් V එන්නත ලබාදීම සම්බන්ධයෙන් රජය පර්යේෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 6ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අවශ්‍යව පවතින බවය.
“කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලංකාවට ගෙන්වා ගැනීමට රජය ලොකු උත්සාහයක යෙදුණා. තව සුමාන 2කින් විතර මේ එන්නත එනවා වෙන්නත් පුළුවන්. අපි රජයට යෝජනා කළේ ඒ දෙවැනි එන්නත ලබා ගැනීමට නොහැකි නම් අපිට ස්පුට්නික් V එන්නත භාවිත කර සායනික පරීක්ෂණයක් සිදුකර කොවිෂීල්ඩ් දෙවන එන්නතෙන් ලැබෙන ප්‍රතිඵලම ලැබෙනවා ද කියලා බලන්න පුළුවන් කියලා. ඒ යෝජනාව හරියනවා නම් විතරක් ස්පුට්නික් V එන්නත කොවිෂීල්ඩ් දෙවන එන්නත විදිහට භාවිත කරන්න පුළුවන්. අපේ විද්වතුන් ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.”
මේ අතර එන්නත් ලබාදීමේ දී අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.






















