ඉකුත් වසරේ පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් 15923ක්
2020 වසර තුළ අසාධාරණ ලෙස වෙළඳාම් සිදුකරන වෙළඳුන් සොයා වැටලීම් 15,923ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඒ අතරින් 14,906 ක් සඳහා නඩු පවරා අවසන් කර ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
එහිදී රුපියල් කෝටි 06කට අධික මුදලක් දඩ ලෙස අධිකරණය මගින් නියම කර තිබේ.
එම වැටලීම් අතර සහල් වැටලීම් 3,880ක්, සීනි සම්බන්ධ වැටලීම් 651ක් සහ පරිප්පු සම්බන්ධ වැටලීම්, 471ක් වන බව සදහන් වේ.
එමෙන්ම පාරිභෝගික භාණ්ඩ රැසක් මෙන්ම බිස්කට් නිෂ්පාදන, ඖෂධ හා රූපලාවන්‍ය නිෂ්පාදන, ළදරු නිෂ්පාදන, ඇඟලුම් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් සම්බන්ධයෙන් වැටලීම් සිදුකළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
වෙළඳපොළ තුළදී පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා දිවයින පුරා තවදුරටත් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.






















