දරුවන් සිටින දෙමව්පියන් රාත්‍රී කාලයේ සමාජ ශාලාවල ගොස් කාලය ගත කිරීම තේරුමක් නොමැති බවත් එවැනි දේවලින් නැති ප්‍රශ්න ඇතිවන බවත් පූජ්‍ය ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කරයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ යෝෂිත රාජපක්ෂ සමාජ ශාලාවකට ගොස් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිදී.දරුවන් සිටින දෙමව්පියන් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් කරන පිස්සුව කුමක්දැයි ප්‍රශ්න කර සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කරන්නේ කුමන රාජපක්ෂ කෙනෙක් වුවද රාත්‍රී සමාජ ශාලාවලට යෑම අනුමත නොකරන බවයි. දේශපාලනය සිදු කරන්නේ නාමල් රාජපක්ෂ බවත් අනෙක් රාජපක්ෂලාගේ ක්‍රියාවන් ගැන තමන් එතරම් උනන්දුවක් නොදක්වන බවත් කෙසේ නමුත් සමාජ ශාලාවලට ගොස් ප්‍රශ්න ඇති කර ගැනීම අනුමත කළ නොහැකි බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.






















