Tuesday, September 15, 2026
HomeNEWSඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

” සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු !

ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! “

යන සඨන් පාඨ මූලික කරගනිමින් ජන අරගල ව්‍යාපාරය අද ( 2026. 09. 15 ) දින පස්වරු 1.00ට කොළඹ පිහිටි ඉන්දියානු මහා කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

        " NPP ආණ්ඩුව බලයට පත්වෙලා දැනට අවුරුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩුව බලයට ගේන්න මේ රටේ දුප්පත් මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. ඒ බලාපොරොත්තු ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ හොරු අල්ලනවා කිය කිය මාධ්‍ය සංදර්ශන තියන එක විතරයි.
           ආණ්ඩුව පසුගිය වසරේ අප්‍රේල් මාසෙදි මෝදි එක්ක හොර ගිවිසුම් හතක් අත්සන් කළා. ඒ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා අදටත් මේ රටේ ජනතාවට කියලා නැහැ. පසුගිය දවසක ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයා ලංකාවට ආවා. මෙහෙම ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට ආවේ අවුරුදු 38කට පස්සේ. ඒ නිසා ඒ පැමිණීම තේ බොන්න ආපු ගමනක් වෙන්න බැහැ.
        අද ඉන්දියාව NPP ආණ්ඩුව මෙහෙයවමින් ලංකාවට විශාල බලපෑමක් කරනවා. එහි ප්‍රධානම පියවරක් තමයි මේ ජෛවමිතික දත්ත හැදුනුම්පත. ඩිජිටල්කරණයට විරුද්ධ වෙනවා කියලා ආණ්ඩුව මේක යට ගහන්න හැදුවට මෙතන ඇත්තටම තියෙන්නේ ඩිජිටල්කරණයක් නෙවෙයි. මේ හදන්නේ මිනිස්සුන්ගේ ඇහේ කර්ණිකාව, ලේ වර්ගය, ඇඟිලි සලකුණු වගේ ඉතාම සංවේදී පෞදගලික දත්ත කිසිඳු ආරක්ෂාවක් නැතුව ඉන්දියානු කම්පැනියක් අතට දෙන්න. ඊටපස්සෙ අපි යන එන තැන්, කරන්නේ මොනවද, හම්බ වෙන්නේ කාවද, ඉඳලා අපි බොන බෙහෙත් පෙත්ත, කනබොන දේවල් පවා අපි දන්නැති පුද්ගලයි විසින් බලාගෙන ඉන්නවා. ඒවා දත්ත විදිහට ඔවුන් ළඟ එකතු වෙනවා. 
         අපි විරුද්ධ මේ සෝදිසි රාජ්‍ය ක්‍රියාවලියට. අනිපැත්තෙන් ඉන්දියාව මේ කරන බලහත්කාරයට. අපි කියන්නේ වහාම මේ බලහත්කාරය නවත්වන්න කියලා. "

යනුවෙන් උද්ඝෝෂණයට එක් වූ පිරිස් ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම් ප්‍රධානීන්ට චාල්ස් රජුගෙන් කැඳවීමක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් මෙම සතියේදී ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම්වල නායකයින් සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමට නියමිතව ඇත. මානව වර්ගයාට එල්ල විය හැකි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img