Tuesday, September 15, 2026
HomeNEWSප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය….

ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය (ITF – International Transport Workers’ Federation) සහ ශ්‍රී ලංකා ජාතික නාවික සේවක සංගමය (NUSS) එක්ව සංවිධානය කරන, ප්‍රවාහන ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධියේ (Al) බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විණි.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධියේ (Al) බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (15) සිට ලබන 18 වනදා දක්වා පැවැත්වෙන අතර ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරමින් රටවල් 60 ක වෘත්තිය සමිති නියෝජිතයින් 90ක් සහභාගී විය.

මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් Mr.Stephen Cotton, Incoming President Mr.Frank Moreel, Future Of workers Director Ms. Baker Khundakji, Youth Section Ms.Preethi Singh, Future of Works Advisory Group chair Mr.Horacio Calculli සහ ශ්‍රී ලංකා ජාතික නාවික සේවක සංගමයේ විධායක නිලධාරි බෝවා අතුකෝරාල මහතා එක්ව සිටින ලදි.

ප්‍රවාහන කේෂ්ත්‍රයේ කටයුතු කරන පුද්ගලයින් සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇති වැදගත්කම මෙන්ම එහිදී කටයුතු කළ යුතු නිර්ණායකයන් පිළිබඳ මෙම සමුළුවේදී දැනුවත් කරනු ලබයි.

මාධ්‍ය අංශය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම් ප්‍රධානීන්ට චාල්ස් රජුගෙන් කැඳවීමක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් මෙම සතියේදී ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම්වල නායකයින් සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමට නියමිතව ඇත. මානව වර්ගයාට එල්ල විය හැකි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img