Tuesday, September 15, 2026
HomeNEWSකොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ පැමිණිල්ල අද (15) දින කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු වන රන්ජන් සෙනරත් බණ්ඩාර නැමැත්තා විමර්ශනවලට අවශ්‍ය අයකු වීම සහ ඔහු රටින් පලායාමේ අවදානමක් පැවතීම නිසා, ඔහුට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...

ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම් ප්‍රධානීන්ට චාල්ස් රජුගෙන් කැඳවීමක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් මෙම සතියේදී ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම්වල නායකයින් සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමට නියමිතව ඇත. මානව වර්ගයාට එල්ල විය හැකි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img