Friday, November 13, 2026
HomeNEWSඉන්දියානු ප්‍රභේදයත් මෙරට ව්‍යාප්තවීමේ අවදානමක්

ඉන්දියානු ප්‍රභේදයත් මෙරට ව්‍යාප්තවීමේ අවදානමක්

කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගැනීමත් සමග වෛරසය ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඉන්දියාව තුළ පැතිර යමින් පවතින වෛරස ප්‍රභේදය ද මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්යත සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේය.

“කොවිඩ් -19 වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමගම වෛරසය පැතිරීම වේගවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉන්දියාවේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් තියෙනවා. ඒකත් අපේ රට තුළට පැමිණීමේ අවදානම තියෙනවා.  ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර යාත්‍රා සමග අපේ ධීවරයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තුළ කොවිඩ් ආසාදිතයෝ හිටියොත් අපේ රට තුළට මේ වෛරසය එන්න පුළුවන්.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් ඇති කිරීමටත් රෝගීවන පුද්ගලයින්ට අවශ්‍ය ඇඳන් ලබාදීමටත් අපි කටයුතු කරමින් යනවා. දිනකට රෝගීන් 2000ක් විතර වාර්තා වෙනකොට වහාම රෝහල්වලට ඇතුළත් කිරීමේදී යම් කාලයක් ගතවෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img