Friday, November 13, 2026
HomeNEWSදඹුල්ලේ තත්ත්වය බරපතළයි - සෞඛ්‍ය අංශ

දඹුල්ලේ තත්ත්වය බරපතළයි – සෞඛ්‍ය අංශ

දඹුල්ලේ කොවිඩ් -19 වසංගත තත්ත්වය බරපතළ වෙමින් පවතින බව දඹුල්ල නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා අද (04) පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ, කොවිඩ් -19 වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 60 දෙනෙකු පමණ දඹුල්ල මහනගර සභා බලප්‍රදේශයේ නිවෙස්වල රැඳීසිටින බවය.

ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට නොහැකි  තත්ත්වයක පසුවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

සිය බලප්‍රදේශයට අයත් සීමාව තුළ ආසාදිතයින් 90කට වඩා වැඩි පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවද සඳහන් කළේය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ දඹුල්ල නගරය මේ වනවිට බරපතළ තත්ත්වයකට පත්වෙමින් පවතින බවය.

නගරයේ තොග වෙළෙඳසැල් සේවකයන්ගේ සිදුකරන ලද PCR  පරීක්ෂණවලදී තොග වෙළෙඳසැල් රැසක පුද්ගලයන් 47 දෙනෙකුට අධික පිරිසක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව දඹුල්ලේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තොග වෙළෙඳසැල් සියල්ලම වසා දැමු බවද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළහොත් ඒවා අධීක්ෂණය කරමින් එහි ඇතිවන තත්ත්වයන්ට මුහුණදීම සඳහා දඹුල්ල මහනගර සභාවේ වෙනමම කණ්ඩායමක් පුහුණු කරමින් ඇති බවද ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img