Monday, August 31, 2026
HomeNEWSඉන්දියාවෙන් නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත ලබා දිය හැක්කේ මෙරට ජනගහණයෙන් 20% කටයි....

ඉන්දියාවෙන් නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත ලබා දිය හැක්කේ මෙරට ජනගහණයෙන් 20% කටයි. ඉතිරි අය වෙනුවෙනුත් රජය කඩිනමින් කොවිඩ් එන්නත ගේනවා. ඇමති ප්‍රසන්න රණතුංග

ඉන්දියාවෙන් නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත ලබා දිය හැක්කේ මෙරට ජනගහණයෙන් 20% කටයි. ඉතිරි අය වෙනුවෙනුත් රජය කඩිනමින් කොවිඩ් එන්නත ගේනවා. ඇමති ප්‍රසන්න රණතුංග

ඉන්දියාවෙන් නොමිලේ ලැබෙන කොව්ඩ් එන්නත ලබා දීය හැක්කේ මෙරට ජනගහණයෙන් 20% ක පිරිසකට පමණක් බවත්, ඉතිරි අය වෙනුවෙන් රජය කඩිනමින් එම එන්නත ගෙනඒමට කටයුතු කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හෙට (28) දිවයිනට ලැබීමට නියමිත කොවිඩ් එන්නත් තොගය භාර ගැනීමට සියල්ල සුදානම් බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (27) පැවැත්විණ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.

“කොවිඩ් එන්නත ලංකාවට ආවට පස්සේ එය ලබාදෙන ක්‍රමවේදය මේ වන විට සකස් කර තිබෙනවා. මුලින් ම එය ලබාදෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අයට. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාවට. ජනතාවත් එක්ක නිතර ගැටෙන අයට අනතුරුව මේ එන්නත ලබා දෙනවා. එක දවසකට දෙන්න පුළුවන් ප්‍රමාණය මේ වන විට තීරණය කර තිබෙනවා. පුළුල් අධ්‍යනයකින් පසුව තමයි මේ එන්නත ලබා දීමේ වැඩසටහන සංවිධානය කළේ. හෙට (28) ඉන්දියාවේ සිට මෙරටට ගෙනඑන පළමු එන්නත් තොගය භාර ගැනීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා.

කොවිඩ් එන්නත ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙනුත් විපක්ෂය සුපුරුදු පරිදි බොරු මත හදන්න හැදුවා. ඔවුන් කීවේ මේ කොවිඩ් එන්නත ගේන එක ගැන ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ කියලයි. කොවිඩ් එන්නත් කීපයක් ලෝකයේ දැන් තිබෙනවා. අපේ රටට ගැළපෙන ම කොවිඩ් එන්නත තමයි අපි ගේන්නේ. මුලින් ම ඉන්දියාවෙන් ලක්ෂ 05ක් විතර නොමිලේ හම්බෙනවා.

සංචාරක කර්මාන්තයේ නිරත අයටත් මේ එන්නත් ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා. එහෙම වුණොත් යළි සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී පණවා ඇති දැඩි නීතිරීති ලිහිල් කිරීමට හැකිවේවි. සෞඛ්‍ය සංඛ්‍යා ලේඛන ලංකාවේ ජනගහණයෙන් 50%ක් 60%ක් අතර ප්‍රමාණයට තමයි මේ එන්නත ලබා දෙන්න පුළුවන්. ඒක සෞඛ්‍ය අංශවල තීරණයක්. ඉන්දියාවෙන් අපිට ලැබෙන්නේ 20% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි ටික රජයේ වියදමෙන් ගෙන ඒමට කටයුතු කරනවා.”

ප්‍රශ්නය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ලබාදෙනවා ද?

උත්තරය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිනිස්සු. විශේෂ අය නෙමෙයි. ඒ අයටත් ලෙඩ හැදෙනවා. ඒ අයත් සමාජයේ ගැටෙනවා. කොවිඩ් පාලනය කිරීමේ පරිපාලන කටයුතු වල දී ඔවුනුත් දායක වුණා. ඒ නිසා ඒ අයටත් එන්නත් දිය යුතුයි. ප්‍රමුඛතාව තිබෙන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට.

ප්‍රශ්නය – වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇමතිවරුන් පරස්පර කථා කියනවා. ආණ්ඩුවේ එක ස්ථාවරයක් නැද්ද?

උත්තරය – අපි ජාතික සම්පත් විකුණන්නේ නෑ. පහුගිය යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය බදු දුන්නා. නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නෑ. එහෙම කරනවානම් මමත් විරුද්ධයි. හැබැයි රටට ආයෝජන එනවට එකගයි. ආණ්ඩුවට ලැබෙන යෝජනා අපි සළකා බලනවා. ඒක තේරුම අපි ඒවා ක්‍රියාත්මක කරන එක නෙමෙයි.

ප්‍රශ්නය –  යුක්රේන සංචාරකයන් ආවට රටට ආදායමක් ලැබුණා ද? ඔබතුමා කියන ලක්ෂ 30 කී දෙනෙකුට ලැබුණාද ?

උත්තරය – යුක්රේන සංචාරකයන් ආවම රුපියල් මිලියන 500 කට ආසන්න ආදායමක් ලැබුණා. ඒ පයිලට් ප්‍රොජෙක්ට් එක බබල් එකක් යටතේ සිදු වුණත් ඒකෙන් විදේශ විනිමය ලැබුණා. ඒ මුදල රට තුළ සංසරණය වුණා. හෝටලයට එළවළු සපයන අයට වැඩ ලැබුණා. තෝරාගත් රියදුරන්ට වුණත් වැඩ ලැබුණා. ඒක තමයි පයිලට් ප්‍රොජෙක්ට් එකේ දි කෙරෙන විදිහ. ඉදිරියේ දී ඒ තත්ත්වය තවත් වර්ධනය වුණා ම ඔය ප්‍රතිලාභ ජනතාවට ලැබෙයි.

ප්‍රශ්නය – මානව හිමිකම් සම්බන්ධයෙන් නැවත කථාබහක් ඇතිවෙමින් තිබෙනවා?

උත්තරය – යහපාලනය කාලේ මානව හිමිකම් නාමයෙන් මේ රටට හතුරුකම් කළා. තිබුණු ආණ්ඩුව අද අපේ ආණ්ඩුව රටට අහිතකර කිසිම යෝජනාවක් පිළිගන්නේ නෑ. රණවිරුවන් පාවා දෙන්නේ නෑ. ආදාහනය භූමිදානය කරනවාද කියන එක දේශපාලන තීන්දුවක් නෙමෙයි. ඒක සෞඛ්‍ය තීන්දුවක්. විපක්ෂය කියන්නේ ෆේල් කණ්ඩායමක්. වසර 05කට බලයට ඇවිත් ආණ්ඩුව නැති කර ගත්ත ෆේල් කණ්ඩායමක්. අපිට බොරු චෝදනා කරනවා. රටේ මිනිස්සු ඒ වගේ නිවටයෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියනවා එයාගේ කාලේ වරාය දුන්නේ නෑලු?

උත්තරය – මෛත්‍රී තමයි යහපාලන ආණ්ඩුවේ ජනාධිපති. අපි එක්ක හිටියාට යහපාලනය කාලයේ රටට සිදු වුණු සියලු විනාශ වලට ඔහු වගකිව යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img