Monday, August 31, 2026
HomeNEWSසංචාරක ක්ෂේත්‍ර යේ නිරතවූවන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්

සංචාරක ක්ෂේත්‍ර යේ නිරතවූවන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්

සංචාරක ක්ෂේත්‍ර යේ නිරතවූවන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්

මහනුවර සංචාරක ගමනාන්ත යටිතල පහසුකම් සංවර්ධනයට මිලියන 89ක්.➢ කඩුගන්නාව හා මහනුවර දුම්රි ස්ථාන සංවර්ධනය කෙරේ.➢ නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 506.➢ මහනුවර කෘෂිකර්ම සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්.

සංචාරක ක්ෂේත්‍ර යේ නිරතවූවන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක්ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි තත්ත්වය ඉදිරියේ දි මුහුණ දිය හැකි පරිදි සංචාරක ක්ෂේත්‍ර යේ  නිරතවූවන් ශක්තිමත් කිරීම අරමුණයි. ලෝක කම්කරු සංවිධානයේ  සහයෙන් ඉදිරි මාස 06 ක කාලය තුළ මෙම රක්ෂණ වැඩසටහන හදුන්වාදීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට අද (27) සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වීම පැවැත්විණ.

ඇමතිවරයා මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය, ස්වභාවික ආපදා මගින් වැඩි වශයෙන් ම ලෝකයේ පීඩාවට පත්වන්නේ සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන් බවයි. එවැනි ආපදා හමුවේ සංචාරකයන් සිය සංචරණ සීමා කිරීම ඊට හේතුවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරක ගමනාන්ත යටිතල පහසුකම් සංවර්ධනය සදහා මේ වන විට රුපියල් මිලියන 89 ක් වෙන් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය. ඒ අනුව මහවැලි මහා සෑය ආශ්‍රීත සංවර්ධන කටයුතු ද, ලංකාතිලක විහාරය, ගඩොලාදෙණිය විහාරය  යන සංචාරක ස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 75 ක් වෙන් කර තිබේ. පේරාදෙණිය දුම්රිය ස්ථානය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 07කි. මහනුවර දුම්රිය ස්ථානය සංවර්ධනයට රුපියල් මිලියන 2.3 ක් වෙන් කර තිබේ. කඩුගන්නාව නගරය හා දුම්රියපොළ උඩරට රාජධානියේ පිවිසුම් දොරටුව ලෙස සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ද කටයුතු යොදා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය.

නව සංචාරක ස්ථාන හදුනාගැනීම හා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 506 ක් හදුනාගෙන ඇති බවත් පළාත් සභාව, වනජීවි හා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක්  යටතේ ඒවා ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා කීවේය.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේ මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධනය සදහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇති බවයි. නව ආර්ථික මධ්‍යස්ථාන 03ක් මේ යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. කාබනික ආදර්ශ ගොවිපොළ 04 ක් ඇති කිරීම, අතිරේක ආහාර භෝග ගබඩා කිරීමට ගබඩා දෙකක් ඉදි කිරීමට රජයේ බීජ ගොවිපොළ වැඩි දියුණු කිරීම මේ යටතේ සිදු කෙරෙන බව ඇමතිවරයා කීවේය. මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය කිරීම ද මේ යටතේ සිදු කෙරේ.

ගෘහ ආර්ථික ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ගෙවතු වගා 237,400 ක් ඇති කිරීමට ද සැලසුම් කර තිබේ. 2020/21 යළ කන්නයේ වී මිල  දී ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය පුරා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ද ඇමතිවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් සදහා වැඩි ආයෝජන අවස්ථා ලබා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබාදෙන බවට ද රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා මෙහි දී සහතික වූවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img