Monday, August 31, 2026
HomeNEWSවිදුලිය සම්ප්‍රේෂණයට අවශ්‍ය පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වීම කර්මාන්ත...

විදුලිය සම්ප්‍රේෂණයට අවශ්‍ය පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වීම කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

විදුලිය සම්ප්‍රේෂණයට අවශ්‍ය පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වීම කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් !
                                                                                                                                                                                                             – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙතෙක් කලක් විදුලිය සම්ප්‍රේෂණය සඳහා යොදාගත් ආනයනික පරිවාරක උපාංග දේශීයව නිපදවීමට ලංකා පිගන් සංස්ථාව සමත්වීම මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

විදුලි බල මණ්ඩලය මෙතෙක් භාවිතා කළ ආනයනික පරිවාරක උපාංග සාම්පල උපයෝගී කරගනිමින් ලංකා පිගන් සංස්ථාව විසින් දේශීයව නිෂ්පාදනය කළ පළමු පරිවාරක උපාංග කට්ටල් පසුගිය දා 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තමන් වෙත පිළිගැන්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

2020 දෙසැම්බරයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ,  විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුලි බල මණ්ඩලයේ සහ ලංකා පිගන් සංස්ථාවේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙරට විදුලිය සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය වන පරිවාරක උපාංග දේශීයව නිපදවීමේ හැකියාව විමසා බැලීම පිණිස පැවති සාකච්ඡාවේදී ආනයනික සාම්පල යොදාගනිමින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ලංකා පිගන් සංස්ථාවට පැවරිණි. එම සංස්ථාව මසක් වැනි කෙටි කලකදී අවශ්‍ය සාම්පල දේශීයව නිපදවා කර්මාන්ත අමාත්‍යවරයාට මෙසේ පිළිගන්වා තිබේ.

ආනයනික උපාංගවලට වඩා ශක්තිමත් බවින් යුතු, මිල අඩු දේශීය විදුලි පරිවාරක උපාංග මෙරට විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග එක්ව කටයුතු කරන බව පැවසූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම පියවර ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සංකල්පය තවදුරටත් ඉහළට ඔසවා තැබීමේ පියවරක් බව ද මෙහිදී  පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img