Monday, August 31, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමා අති පූජ්‍ය යෝගියානේ සෝභිත අනුනාහිමියන්ගේ සුව දුක් විමසයි

අග්‍රාමාත්‍යතුමා අති පූජ්‍ය යෝගියානේ සෝභිත අනුනාහිමියන්ගේ සුව දුක් විමසයි

අග්‍රාමාත්‍යතුමා අති පූජ්‍ය යෝගියානේ සෝභිත අනුනාහිමියන්ගේ සුව දුක් විමසයි

අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක අති පූජ්‍ය යෝගියානේ සෝභිත අනුනාහිමියන් බැහැ දැකීමට අද 2021.01.27 දින එම විහාරස්ථානයට ගිය  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

යෝගියාන ජයසුන්දරාරාමය සහ කිරුලපන සිරි ඇලන්මැතිනියාරාමාධිපති ලෙස ද කටයුතු කරන සෝභිත අනුනාහිමියන්ගේ  66වැනි ඡන්ම දිනය අද දිනට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් සුභාශිංසන එක් කළ අග්‍රාමාත්‍යතුමා අනුනාහිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික  ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව සෝභිත අනුනායක ස්වාමීන්වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළහ.

මෙම අවස්ථාව සඳහා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මරදාන විද්‍යෝදය පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍යපාද බලංගොඩ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්ම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරැටියේ නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක අතිපූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,අමරපුර මූලවංශික මහා  නිකායේ අධිකරන සංඝනායක පූජ්‍යපාද විකිලියේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහත්වරු  ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img