Monday, August 31, 2026
HomeNEWSනැගෙනහිර ජැටිය - සිකුරාදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

නැගෙනහිර ජැටිය – සිකුරාදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

නැගෙනහිර ජැටිය – සිකුරාදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

රටේ සම්පත් විදේශීකරණයට එරෙහිව එළැඹෙන සිකුරාදා සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට වරාය වෘත්තීය සමිති තීරණය කර තිබේ. 

ඔවුන් පෙන්වා දෙන්නේ නැගෙනහිර ජැටිය බේරාගැනීම සඳහා   කළහැකි සහ කළයුතු සියලුම පියවර අනුගමනය කරන බවය.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ, “මේ සටනෙදි ඉදිරිපත් කරපු මතවලට ආණ්ඩුවට සිද්ධ වුණා උත්තර බඳින්නන් බවට පත්වෙන්න. දැන් තීරණයක් ගත්තා, සිකුරාදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන්න. ප්‍රබල ක්‍රියාමාර්ගවල ආරම්භය සිකුරාදා ගන්නවා. ඉදිරියේදී දැවැන්ත විරෝධතා සමූහයක් රට පුරාම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම අද හැදුවා,”යනුවෙනි.

වාණිජ හා කර්මාන්ත සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා සඳහන් කළේ, “අපිට මෙතන තියෙන්නේ සියයට 51ත් එක්ක කතා කිරීම හෝ 49 එක්ක කතා කිරීම නෙමෙයි. අපිට මෙතන තියෙන්නේ සියයට සීය ගැන කතා කිරීම. අදානිටත් වඩා අද මේකට ට්‍රයි කරන්නේ ලංකාවේ ඉන්න වරාය තුළ තියෙන බහුජාතික සමාගමක්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය බෝඩ් ලෑල්ලකට පමණක් සීමාකරන්න මේ හදන්නේ. ඒක නොවෙන්න කළයුතු, කළහැකි සියලුම දේ අපි කරනවා,” යනුවෙනි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img