Thursday, April 23, 2026
HomeNEWSLatest Newsඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරයක්

ඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරයක්

ඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරයක්

ඉන්දීය ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 600කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර ඊයේ (10) අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මෙම ගිවිසුම අත්සන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙම ගිවිසුම 2005 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දි පළමුවරට අත්සන් තබා ඇති අතර එය සෑම වසර 05කට වරක් දීර්ඝ කරමින් යළි අත්සන් කරනු ලබයි.

මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති නව ගිවිසුමට අනුව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img