Friday, October 23, 2026
HomeNEWSLatest Newsඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරයක්

ඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරයක්

ඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරයක්

ඉන්දීය ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 600කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර ඊයේ (10) අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මෙම ගිවිසුම අත්සන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙම ගිවිසුම 2005 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දි පළමුවරට අත්සන් තබා ඇති අතර එය සෑම වසර 05කට වරක් දීර්ඝ කරමින් යළි අත්සන් කරනු ලබයි.

මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන් රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති නව ගිවිසුමට අනුව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img