Friday, April 17, 2026
HomeNEWSLatest Newsරැපිඩ් ටෙස්ට් කිට් මෙරට භාවිතයට අවසර

රැපිඩ් ටෙස්ට් කිට් මෙරට භාවිතයට අවසර

රැපිඩ් ටෙස්ට් කිට් මෙරට භාවිතයට අවසර

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්“ මෙරට තුළ භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව අවසර ලබා දී තිබේ.

සිදුකරන ලද රසායානාගාර පරීක්ෂාවකින් අනතුරුව ඊයේ (10) දිනයේ දී අදාළ අවසරය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසු අදාළ පරික්ෂණ කට්ටල මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිත කිරීමට හැකියාව පවතින බව වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය සමන් රත්නායක මහතා,
“ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය සහතික කරන ලද තාක්ෂණික ඇගයීම් සඳහා අපි ක්ෂණීක ප්‍රතිදේහ කට්ටල එහෙම නැතිනම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් අපේ අනුක වෛද්‍ය රසායනාගාර 4ක් සඳහා අපි යැව්වා. ඒ පරීක්ෂණයෙන් ප්‍රතිඵල අපේ තාක්ෂණික ඇගයීම් කමිටුවට ලබාදුන්නා. ඊට පස්සේ අපි තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාව තුළ පාවිච්චි කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදුන්නා. එම නිරේදේශය මත ඒවා කුමන ආකාරයෙන් ද ශ්‍රී ලංකාවේ රෝහල්වල ඒ වගේම පෞද්ගලික රෝහල්වල ක්‍රියාත්මක කරන්න ඕනේ කියන මඟපෙන්වීමක් සකස් කරලා මේ වෙනකොට අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපි ලබා දීලා තියෙනවා. එතුමාගේ අත්සනින් ඒක නිකුත් වුණාම ලංකාවේ රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක භාවිත කරන්න පුළුවන් වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img