Monday, September 21, 2026
HomeNEWSඉන්දියා- පාකිස්ථාන තරගයට සියල්ල සූදානම්.. විශාල පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

ඉන්දියා- පාකිස්ථාන තරගයට සියල්ල සූදානම්.. විශාල පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

ක්‍රිකට් ලෝකයම බලා සිටින ඉන්දියාව සහ පාකිස්ථානය අතර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එම රටවල් දෙක අතර තරඟය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. මේ විට කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට විශාල වශයෙන් ක්‍රීඩා ලෝලීන් පැමිණෙමින් තිබෙන බව වාර්තා වෙනවා. අද උදෑසන සිට කොළඹ නගරයට හිරු එළිය වැටුණේ නැත. නමුත් මද බීරාන ගතියක් තිබුණද වර්ෂාවක්ද ඇද හැලෙන බවක් පෙනෙන්නට නැත. එම නිසා යම්කිසි මීදුම් ගතියක් සමග පවතින බීරාන ගතිය මත ක්‍රිකට් තරඟය පැවැත්වෙනු ඇත. නමුත් අයහපත් කාලගුණික තත්ත්වයක් නම් දක්නට නොලැබේ. එම නිසා වර්ෂාවෙන් තරගයට බාධාවක් වේ යැයි සිතිය නොහැක.ඉන්දියානු සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දෙකම මේ අවස්ථාවේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙර පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටියි. තරගය අද රාත්‍රී7.00ට ආරම්භ වීමට නියමිත අතර කාසියේ වාසිය අද සවස 6.30ට පමණ උරගා බැලීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img