කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Back to School සහ Back to Sportmeet වැඩසටහන පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්වුණා. වැඩසටහන පාසල් ඉතිහාසයේ පළමු වරට පැවති බවයි ආදි ශිෂ්‍ය සංගමය පැවසුවේ. ආදි සේනානායකයන් වන සුමිත්‍රා ගාර්මන්ට් අධිපති ජාෆර් සතාර්, ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී 2008 වසරේ රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් ජීවිතක්‍ෂයට පත් වූ පැසි පන්දු ක්‍රීඩකයින් සැමරීමද එහිදී සිදුවූ අතර පාසලේ අධ්‍යාපනය ලැබූ මියගිය රණවිරුවන් සැමරීමද මෙහිදී සිදු වූ තවත් අංගයක්. පාසල් ඉතිහාසයේ ප්‍රථම Back to Sportmeet වැඩසටහනද විද්‍යාලීය නව ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර ආදි ගුරු භවතුන් සහ ආදි සිසුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.






















