Sunday, November 8, 2026
HomeNEWSඉන්දීය මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට භාරදෙයි

ඉන්දීය මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට භාරදෙයි

ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර තොගය අද (22) නිල වශයෙන් මෙරටට ලබාදී තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර තොගය රැගත් නෞකාව අද දිවයිනට ළඟා වුණි.

සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 200ක්, ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 24ක් එම ආධාර තොගයට ඇතුළත්ය.

එම ආධාර භාරගැනීම සඳහා ගොස් සිටි විදෙස් අමාත්‍ය ජී.එල් මහතා මෙලෙස අදහස් දැක්වීය.

“ඉතාමත් වටිනා ආහාර, කිරිපිටි, හාල්, ඖෂධ ඉන්දියාවෙන් අපිට ප්‍රදානය කරනවා. මේකේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 2,200ක් පමණ. සම්පූර්ණ පරිත්‍යාගය නෙමෙයි. අනෙක් කොටස ලබන සතියේ ලැබෙනවා. රුපියල් මිලියන 5,500කට වඩා. මේක ඉන්දියාවේ ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාවට කරන පරිත්‍යාගයක්. අපේ ස්වාධීනත්වය ලබාගත් දවසේ සිට අද දක්වා ඉතාමත් බැරෑරුම් අභියෝගය මෙයයි. මෙවැනි අවස්ථාවක දී ඉන්දියාවේ මිත්‍රත්වය හොඳ හිත අපිට දක්වන සහයෝගය අපිට අති විශාල ශක්තියක් වෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතඥතාවය ඉන්දීය රජයට ලබාදෙන්න කැමතියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img