Friday, May 22, 2026
HomeNEWSඉන්දීය මිතුරාට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

ඉන්දීය මිතුරාට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 25%ක් බව නිවේදනය කර තිබේ.ඒ අනුව අගෝස්තු 01 වනදා සිට මෙම නව බදු අනුපාතය බලපැවැත්වෙන අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනය කර ඇත.ඉන්දියාව අමෙරිකාවේ මිතුරෙකු වුවද, ඔවුන් විශාල තීරුබදු අනුපාතයක් පනවා ඇති බැවින් තම රට ඔවුන් සමග වසර ගණනාවක සිට සිදුකර ඇත්තේ සාපේක්ෂව ඉතා අඩු වෙළෙඳ ගනුදෙනු සංඛ්‍යාවක් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා තිබේ.තවද ඉන්දියාව, රුසියාවේ විශාල වශයෙන් වෙළෙඳ ගනුදෙනුවල නිරතවීම ද ඉන්දියාවට මෙලෙස දණ්ඩන තීරුබදු අනුපාතිකයක් පැනවීමට හේතු වී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කරයිඑබැවින් මෙලෙස ඉන්දියාවෙන් අයකරන තීරුබදු ප්‍රතිශතය ඉහළ දැමීමට හේතු වී ඇත. එසේම ඉන්දියාව මිලදීගෙන ඇති යුද උපකරණවලින් අතිමහත් මිලදීගෙන ඇත්තේද රුසියාවෙන් බව ට්‍රම්ප් පවසයි.මෙම සියලු කරුණු පදනම් කරගනිමින් අමෙරිකාව විසින් මෙලෙස ඉන්දියාවෙන් 25%ක තීරු බදු ප්‍රතිශතයක් අයකිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img