Sunday, November 8, 2026
HomeNEWSඉන්දීය යාචකයෙකුගෙන් ශ්‍රී ලංකාවට ආධාර

ඉන්දීය යාචකයෙකුගෙන් ශ්‍රී ලංකාවට ආධාර

ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට සැරසෙන යාචකයෙකු පිළිබඳව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

මෙම යාචකයා ඉන්දීය ජාතිකයෙකි.

වැඩිදුරටත් වාර්තා වන්නේ පූල්පාන්ඩි නම් මෙම යාචකයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි හි පුද්ගලයෙකු බවය.

ඔහු මේ වනවිට ඉන්දීය රුපියල් 20,000 මුදලක් එකතුකරගෙන ඇති අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් 83,200ක් පමණ වෙයි.

ඔහු මීට පෙර අවස්ථාවකදීද කොරෝනා හේතුවෙන් එරට අසරණව සිටි පුද්ගලයන් හට උපකාර කිරීම සඳහා තමන් සතුව තිබූ ඉන්දීය රුපියල් 90,000ක පමණ ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

 “මම වගේ කිසිවකුත් සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුළුවන්. මම සල්ලි වලට ආස නැති මනුස්සයෙක්. ඒ හින්දා මම පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img