එවන් දෙබසක් අපට අද (09) උදෑසන අසන්නට ලැබුණේ සිදුවීමට ගිය විශාල අනතුරකින් දිවි බේරාගත් තරුණයෙකුගෙනි.
කොළඹ ටවුන් හෝල් ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ නවතා තිබූ මෝටර් රථයක් මතට ඒ අසල ඉදිකිරීම් ස්ථානයේ තිබු දොඹකරයක සවිකර තිබු යකඩ බටයක් වැටුණි.
එම අවස්ථාවේ මෝටර් රථය තුළ රියදුරු අසුනේ සිටි තරුණයා සිය ජීවිතය බේරාගෙන ඇත්තේ වාසනාවකට මෙන්ය.
අද උදෑසන 8.30ට පමණ එම අනතුර සිදුව තිබු අතර, ඉන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණි.






















