ඉසුරු උදානට තවත් අවස්ථාවක්
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අද (05) පැවැත්වීමට නියමිතය.
දිල්ලි කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර බැංගලෝර් කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවෙයි.
ශ්රී ලංකා ක්රිකට් ජාතික කණ්ඩායමේ තුන්ඉරියව් ක්රීඩක ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායම නියොජනය කරන අතර පසුගිය තරග දෙක තුළ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු අද පැවැත්වෙන තරගයට ද ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා විය.
ඉසුරු උදාන මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරන එකම ක්රීඩකයා ය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් මත මෙවර තරගාවලියට සහභාගි නොවීය.






















