මෙරට ප්‍රථම තරු7 හෝටලය වන අවියානා හි සියළු පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සිදුවන බවත් ඒ ගැන තමන් නිරන්තරයෙන්ම සොයාබලමින් සිටින බවත් අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා අවධාරණය කරයි. අවියානා මෙරට තරු 7 ප්‍රථම හෝටලය පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. ලංකාවේ පළවෙනි තරු හතේ හෝටල් සංකීර්ණ ඉදි වෙන්නෙ ඇත්තටම එක කාලෙක අපි ගවේෂණයක් කරනවා ලංකාවේ ආර්ථිකයට සවිමත් දායකත්වයක් සපයන්න පුළුවන් නැත්නම් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නට පුළුවන් ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කළ යුතුයි කියන සංකල්පය. ඒ සංකල්පය මත අපි කරපු ගවේෂණ පර්යේෂණ නිරීක්ෂණය සියල්ල අවසානයේ අපි කල්පනා කරනවා සමාගමක් ලෙස ලංකාවේ පලවෙනි තරු 7 හෝටලය නිර්මාණය කරළ ඒක මහජනතාවට ලබලා දීලා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපට හැකියාවක් ලැබේවි කියන විශ්වාසයෙන් තමයි ලංකාවේ පළවෙනි තරු 7 හෝටල් සංකල්පය ආරම්භවෙන්නේ.ඇත්තටම අවියානා ව්‍යාපෘතියෙ අපිට මූලිකව තිබිච්ච ගැටළු තමයි මේක නකල්ස් කඳු ශිඛරයේ ඉතාමත් අපහසු තැනක ලෙහෙසියෙන් ඉදිකිරීම් සඳහා අවශ්‍ය කරන බඩු රැගෙන යාමට පහසුවෙන් රැගෙනයාහැකි තැනක් නෙමෙයි.මේවගේ ස්ථානයක මේවගේ දෙයක් ඉදිකරනකොට අපිට තිබුණු ලොකුම ගැටලුව තමයි ප්‍රවාහන කටයුතු ඉතින් අපේ යටිතල පහසුකම් දියුණු කිරීම තමයි ඇත්තටම මේ අවියනා ව්‍යාපෘතියට තිබුණු ලොකු අභියෝගය ඉතින් අභියෝගය ජයගෙන අවසන් කරලා 100%ක් වැඩ කටයුතු අවසන් කළා අපි මේ වන විට විලා 60 හි ඉදිකිරීම් කටයුතු සහ පොදු ස්ථානවල 70% පමණ වැඩ නිම කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුතු ඉතාමත් ඉක්මනින්ම කරලා ලෝකයට අවියනා ව්‍යාපෘතිය විවෘත කිරීමට.ලංකාව තුළ හොඳින් වියදම් කරන ධනවත් සංචාරකයන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ සංස්කෘතිය ලංකාවේ ආහාරපාන ලංකාවේ ආගන්තුක සත්කාර කියන දේවල් සම්බන්ධයෙන් අපි සෑහෙන සැලකිලිමත් වෙනවා. මේ ව්‍යාපෘති නිර්මාණය කරනකොට අපි ඇත්තටම ලාංකිකයන්ට මේක විවෘතයි එක විදේශිකයන්ටත් එක විවෘතයි බහුතරයක් ලෙස ගත්තට පස්සේ දෙපාර්ශවයෙන්ම පැමිණීම බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතියට ඇවිල්ලා මේක නරඹලා මෙහි දවසක් දෙකක් ගත කරන්ට මේ දෙගොල්ලන්ටම හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් විශේෂයෙන්ම මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට සෑහෙන ප්‍රමාණයක් තරුණ තරුණියන් ලෝකය පුරාම සංචාර කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතු වෙනවා. ඉතින් අපි හිතනවා අපි යම් පිරිසක් මේකට සම්බන්ධ කරගෙන විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීලා ඒ පුහුණුවෙන අයත් කවදා හෝ දවසක විදේශ රටක ඉතාමත් ඉහළ වැටපුකට රැකියාව කරයි කියලා. එය සමගම මේමගින් ඍජු රැකියා 600ක් පමණ සහ වක්‍ර රැකියා 1000 පමණ ව්‍යාපෘතිය හරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.ඇත්තටම ලංකාවෙ ඉන්න ව්‍යාපාරිකයන්ට පමණක් නෙවේ ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ ව්‍යාපෘති හා සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය තුළ අපි හදපු මොඩල් එකේ හදපු විලාස් 60 ඕනම කෙනෙකුට මිලදී ගන්න හැකියාව තියෙනවා. මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ දේපල වෙළදාම සම්බන්ධ ව්‍යාපාරයක්. මේක දේපළක් ලෙස මේ විලා එකක් විලාඑකකින් කොටසකට ගත්තොත් ඒ අයට මෙහි මාසිකරෙන්ටල් එක නැත්නම් බදු මුදල අපි ලබාදෙන සූදානමින් ඉන්නවා. සතුට දැනෙන කාරණයක් කියන්නේ ලංකාවේ මේ වගේ ව්‍යාපෘති අපි ආරම්භ කරාට පසුව විවිධ ව්‍යාපෘති දැන් ආරම්භ වෙලා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක ලොකු ලොකු අවස්ථාවක් ලැබේ හරහා ලංකාවේ ආර්ථිකයට. සියලුම ව්‍යාපෘති තවත් හොදින් නිරීක්ෂණය කරල ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් යුතුව කරගෙන යා යුතුයි. සල්ලි ලබාගැනීමේ පරමාර්ථයෙන් නොවේ මේවා සිද්ධ විය යුත්තේ. දීර්ඝ කාලීනව සැලසුම් සහගතව මේ කටයුතු සිද්ධ කරන්න කියන පණිවිඩයත් මේ අවස්ථාවේ ලබා දෙන්න කැමතියි. යනුවෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






























