Thursday, September 3, 2026
HomeNEWSනියෝජ්‍ය ඇමති සහ මන්ත්‍රී ඇතුළට දමා ගේට්ටුව වැසීම ගැන දැඩි විරෝධය.

නියෝජ්‍ය ඇමති සහ මන්ත්‍රී ඇතුළට දමා ගේට්ටුව වැසීම ගැන දැඩි විරෝධය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර, නුවර වැව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී වැව් බැම්ම හරහා ඇති මාර්ගයේ ගේට්ටුවක් වසා තිබීම සම්බන්ධයෙන් සිද්ධියක් වාර්තා විය.මෙම ගේට්ටුව වාරිමාර්ග නිලධාරීන් විසින් විවෘත කිරීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ප්‍රදේශයට ඇතුළු වී ඇත.කෙසේ වෙතත්, ඔවුන් නැවත පිටතට පැමිණීමට උත්සාහ කරන විට, වාරිමාර්ග නිලධාරීන් විසින් ගේට්ටුව නැවත වසා දමා ඇති බව වාර්තා වේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ පැවති වැඩසටනකදී නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සේන නානයක්කාර මහතා අදහස් පළ කළහ.පාර්ලිමේන්තු මන්ත‍්‍රී සේන නානායක්කර මහතා එහිදී කියා සිටියේ තමන් මෙරට සිටින සිරකාරයන්දැයි ඒ අවස්ථාවේදී සිතුන බවයි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයෙන් වසා දමා ඇති හුඟක් ගේට්ටු විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන බවයි .විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය නගා සිටුවීමට නම් මේ ආකාරයෙන් වසා දමා ඇති ගේට්ටු විවෘත කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. සංචාරක කර්මාන්තය ගැන ආණ්ඩුව දැඩි අවධානයකින් පසුවන බවද ඒ මාහතා පෙන්වා දුන්නේය. උතුරු මැද පළාත් වානිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක මහතා පවසන පරිදි, නුවර වැවේ වැව් බැම්මට පිවිසෙන මෙම මාර්ගය වසර 20 කට පමණ පෙර වසා දමා ඇත්තේ එවකට පැවති LTTE තර්ජන හේතුවෙනි. එම මාර්ගය නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටියද, වාරිමාර්ග නිලධාරීන් ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, වැව් බැම්ම සම්බන්ධයෙන් මාස දෙකක පමණ සිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ආචාර්ය කේ. වැලිගෙපොල මහතාගේ අධීක්ෂණය යටතේ අංශ තුනක් ඔස්සේ මෙම විමර්ශන සිදු කෙරේ. මෙම විමර්ශන වාර්තාව ලැබීමෙන් අනතුරුව වැව් බැම්ම විවෘත කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img