ඊයේත් මාර්ග අනතුරුවලින් 12ක් මරුට
ඊයේ (01) දිනයේ සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම අනතුරුවලින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එලෙස මියගොස් ඇති පදිකයින් ගණන 5ක් වන අතර මීට අමතරව ත්‍රීරෝද රථවල ගමන් ගත් 04ක්, යතුරපැදිකරුවන් 02ක් සහ ලොරි රථයක් ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර තල්දූව අමිතිරිගල මාර්ගයේ තල්දූව සතිපොළ අසල සිදුවු රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබේ.
තල්දූව දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ තරුණියගේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් බරපතළ තුවාල ලැබු 20 හැවිරිදි තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගිය තරුණිය අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණියක් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.






















