ඉඩම් හා රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
ජනාධිපති නීතීඥවරයෙක් සහ බස්නාහිරි පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙක් බේස්ලයින් පාර, බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම සැකකරු ඉඩම් සහ රැකියා ලබාදීමට තමාට හැකි බව පවසා විවිධ පුද්ගලයිගෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී ජනාධිපති නීතීඥවරයෙක් ලෙස ඔහුගේ නම සහිත මුද්‍රාවක් ද සොයා ගෙන ඇත.
එම පුද්ගලයා අද (02) අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















