Friday, August 14, 2026
HomeNEWSපරීක්ෂා කළ පොල් තෙල් සාම්පල 55ක ඇෆලටොක්සීන් නොමැති බව තහවුරු වේ

පරීක්ෂා කළ පොල් තෙල් සාම්පල 55ක ඇෆලටොක්සීන් නොමැති බව තහවුරු වේ

පරීක්ෂා කළ පොල් තෙල් සාම්පල 55ක ඇෆලටොක්සීන් නොමැති බව තහවුරු වේ

පාරිභෝගික අධිකාරිය සමස්ත දිවයිනම අවරණය වන පරිදි වෙළෙඳපොළෙන් පොල් තෙල් සාම්පල 125ක් ලබාගත් බව එහි ප්‍රකාශකයෙකු “අද දෙරණ“ට සඳහන් කළේය.

ප්‍රසිද්ධ වෙළෙඳ නාම ඇතුළත් පොල් තෙල් සාම්පලද ඊට අයත්ය.

එම සියලුම සාම්පල පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හා පොල් සංවර්ධන මණ්ඩලයට ලබාදී තිබේ.

එලෙස පොල් සංවර්ධන අධිකාරිය විසින් පරීක්ෂා කළ සාම්පල 55කම “ඇෆලටොක්සීන්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඇතුළත් නොවන බවට තහවුරු වී ඇතැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වු පොල් සංවර්ධන අධිකාරියේ, අධ්‍යක්ෂ ජනරාල් දශිත නිරෝෂණ මහතා,

“සාම්පල 55ක පරීක්ෂණ කටයුතු අවසන් කරලා තියෙනවා. අපිට පෙනී යන විශේෂ ගැටලුවක්, එහෙම නැත්නම් ඇෆලටොක්සීන් අඩංගු තත්ත්වයක් ගැන විශේෂිත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන තත්ත්වයට අපේ වෙළෙඳපොළේ පොල් තෙල් තත්ත්වය තවමත් පවතින බව අපට පරීක්ෂණවල දී පෙනී ගියා.“

මේ අතර මාතර වැලිගම සමූපකාර සමිත් වෙළෙඳසැලක තිබී පසුගිය වසරේ ජූලි මාසයේදී සොයාගත් පිළිකා කාරක ඇතුළත් කල් ඉකුත් වූ පරිප්පු තොගයක් අද විනාශ කෙරුණි.

පරිප්පු කිලෝ ග්‍රෑම් 3000ට අධික ප්‍රමාණයක් මෙලෙස විනාශ කෙරුණේ වැලිගම කසළ ප්‍රතිචක්ක්‍රීකරණ මධ්‍යස්ථානයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img