Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ (23) දිනයේ අලුතින් කොවිඩ් ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගැණුනේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 189කි.

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. 

සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන් වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක් වාර්තා වී තිබුණි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 20,507 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට ආසාදිතයින් 5,921 ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සමස්ත ආසාදිතයින්ගෙන් 14,496 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනයේ දී ද ආසාදිතයින් 428 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබුණි.

මේ අතර මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැළකෙන මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,974 කි. 

ඊයේ දිනය තුළ අලුතින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය – 189

අලුත්කඩේ – 68
ග්‍රෑන්ඩ්පාස් – 25
කොටහේන/බ්ලුමැන්ඩල් – 22
කොළඹ 15 – 19
දෙමටගොඩ – 15
බොරැල්ල – 14
කිරුළපන – 11
වැල්ලවත්ත – 05
මරදාන – 04
මිරිහාන – 02
වැල්ලම්පිටිය – 02
කුරුඳුවත්ත – 01
අංගොඩ – 01


ගම්පහ දිස්ත්‍රික්කය – 47

වේයන්ගොඩ – 22
මිනුවන්ගොඩ – 05
මීගමුව – 05
සීදුව – 05
රද්දොළුව – 03
ගම්පහ – 01
බියගම – 01
ජා ඇළ – 01
ජයබිම – 01
කටාන – 01
කටුනායක – 01
මහබාගේ – 01

නුවරඑළිය දිස්ත්‍රික්කය – 11

බණ්ඩාරවෙල – 1
මස්කෙළිය – 06
නෝටන්බ්‍රිජ් – 03
ගිනිගත්හේන – 01

පුත්තලම දිස්ත්‍රික්කය  – 11

හලාවත – 08 
ආරච්චිකට්ටුව – 02
කල්පිටිය – 01

මහනුවර දිස්ත්‍රික්කය – 08

මහනුවර – 05
ගලහ – 02
පේරාදෙණිය – 01

කුරුණෑගල දිස්ත්‍රික්කය – 06

කුරුණෑගල – 04
වීරඹුගෙදර 02

කළුතර දිස්ත්‍රික්කය – 06

අඟුරුවාතොට – 01
තෙබුවන – 01
වාද්දුව – 02
පයාගල – 01
කොරවැල්ල – 01

රත්නපුර දිස්ත්‍රික්කය – 02

අනුරාධපුර දිස්ත්‍රික්කය – 01

ගාල්ල දිස්ත්‍රික්කය – 01

කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 01

පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01

ඊට අමතරව පොලීසියේ නිලධාරීන් 20 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 13 දෙනෙකුට ඊයේ දිනයේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැණුනි.

ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින් 17 දෙනෙකු ද ඊයේ දිනයේ වාර්තාවිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img