අද දෙරණ “උකුස්සා” මගින් කොළඹ පෞද්ගලික රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.
අදාළ රෝහල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සත් පුද්ගල කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර අවසන් වන තුරු එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දැමීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් ද විමර්ශනයක් සිදුකෙරේ.






















