මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් විදෙස්ගත කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරුවන් විසින් සංචාරක වීසා යොදාගනිමින් මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රැගෙන යන බවට තොරතුරු ලැබී ඇති බව එම කාර්යාංශය පැවසුවේය.
පසුගිය දින කිහිපය තුළ සංචාරක වීසා යොදාගනිමින් විදෙස්ගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් සොයා විමර්ශන ක්රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේය.






















