Saturday, August 1, 2026
HomeNEWSඋතුරුමැද පළාත් සභාවේ මතුවූ කොවිඩ් අවදානම

උතුරුමැද පළාත් සභාවේ මතුවූ කොවිඩ් අවදානම

උතුරුමැද පළාත් සභාවේ මතුවූ කොවිඩ් අවදානම

අනුරාධපුර උතුරු මැද පළාත් සභාවේ සේවය කරනු ලබන නිලධාරිනියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ එම පළාත් සභා ප්‍රධාන අමාත්‍යාංශ කාර්යාලය වසා දැමීමට පියවර ගෙන තිබුණි.

ඇයගේ ආශ්‍රිතයින්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.

මේ අතර ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නිලධාරියෙකුට කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ එම කාර්යාලයේ මහජන හමුවීම් නවතා දැමුණි.

අදාළ නිලධාරියාට කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැණුනේ ඔහු ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදීය. 

මේ අතර ප්‍රදේශ ගණනාවක් හුදකලාවට ලක්කර ඇති ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ.

ඒ ඊයේ (27) දිනයේදී වාර්තා වු ආසාදිතයින් 22 දෙනාත් සමගින්ය.

ඊයේ දිනයේදී හුදකලාවට ලක් කළ ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් රක්වානේ ග්‍රාම නිලධාරි වසම් 5 කින් ඊයේ කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනුණි.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 200ක් නිරෝධායනයට යොමු කර තිබේ.

දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කුමාරිමුල්ල ගම්මානය ආශ්‍රිතව සිදු කරන ලද PCR පරික්ෂණ 105 ක් අතුරින් 34 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හමුවී තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 70 ඉක්මවන බ‍ව ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරින් පවසයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img