Sunday, November 1, 2026
HomeNEWSඋදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ

උදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනෙක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය වී තිබේ.

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා ට එරෙහිව දිගින් දිගටම විවේචන සිදුකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද විශ්වාසභංගයට එරෙහිව අද ඡන්දය පාවිචිචි කළේය.‍

මන්ත්‍රීවරු 11 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ නොසිටියේය.

සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තුව අගෝස්තු 3 වනදා නැවත රැස්වන බවය.

පසුගියදා ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුතුව කරුණු 10ක් පදනම් කර ගනිමින් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබුණි.

එය ජුනි මස 26 වනදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.

විශ්වාසභංග යෝජනාවේ සඳහන්ව තිබු කරුණු 10 පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img