යාපනය නෙල්ලිඅඩි ප්රදේශයේ දානපතියෙකු විසින් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්රදේශයේ ජනතාවට මුදල් බෙදාදීමට ඊයේ (06) කටයුතු කර තිබුණි.
ඔහු එහිදී රුපියල් 2000 බැගින් රුපියල් කෝටි 2ක පමණ මුදලක් මෙලෙස දීමට සූදානම්ව සිටියේය.
එම ආරංචිය දැනගත් විශාල පිරිසක් මුදල් ලබාගැනීම සඳහා එක්රැස්ව සිටි බව වාර්තා විය.
එහෙත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අදාළ දානපති පුද්ගලයා ඇතුළු එය සංවිධාන කළ තිදෙනෙකු නෙල්ලිඅඩි පොලිස් නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.
නමුත් අවවාද කිරීමෙන් පසුව ඔවුන්ව මුදාරීමට පොලීසිය කටයුතු කර තිබුණි.






















