අනුරාධපුර, තලාව නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලක තිබූ ලක්ෂ 26කට වඩා වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සොරා ගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.
පසුගිය දා රන් භාණ්ඩ වෙළෙඳසැලේ පිටුපස දොරෙන් ඇතුළු වී ඇති එම සොරා රන්, රිදී හා මැණික් ගල් කිහිපයක් එලෙස සොරා ගෙන ඇත.
සොරාගත් භාණ්ඩ අතර ව්‍යාජ මැණික් ගල් කිහිපයක් ද වන බව වාර්තා වේ.
කෙසේවෙතත් සොරකම් කරන ලද භාණ්ඩ විකිණීමට උත්සහ දැරීමේ දී තලාව පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා භාණ්ඩ සොරාගැනීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (26) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















