නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පැවැත් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 05ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.
කොටුව ජනාධිපති මන්දිරයේ දී එම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය පසුගිය 18 වන දා දිවුරුම් දුන්නද මේ දක්වාත් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වුයේ නැත.
කෙසේවෙතත් නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන්වලට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට නියමිතය.
මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එහිදී 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත අතර 20 වන සංශෝධනයේ ඇති විධායක බලතල එමඟින් කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ ද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කථානායකවරයා විසින් අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ යෝජනා ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.






















