Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsඋසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය ගැන ඉඟියක්

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය ගැන ඉඟියක්

2019 උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු ලබන මස මුල් සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වු බවය.

2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් කෙරුණු අතර විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීම සඳහා වන ඉසෙඩ් ලකුණු මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් උසස් පෙළ සමත් වූ සිසුන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ” විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ අදාළ කඩඉම් ලකුණු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ලබන සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img