උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, 19,000ක් අවශ්‍ය වුවත් මේ වනවිට ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරු 15,000ක් පමණක් බවය.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බව ද පැවසු අමාත්‍යවරයා, අමාරුකම් මධ්‍යයේ වුවත් අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කළ බව ද කියා සිටියේය.
ඒ අනුව ගුරුවරුන්ගේ දීමනාව යම් ප්‍රමාණයකින් වැඩිකිරීමට කටයුතු කර ඇතැයි පැවසු අමාත්‍යවරයා, ප්‍රතිඵල ලබාදී අවසන් කිරීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරු 1,300ක් අවශ්‍ය බව ද පැවසීය.
ඒ අයගේ ද වෘත්තීය ගැටලුවක් ඇති බව පැවසු අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් එළැඹෙන සිකුරාදා දිනයේ දී මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද සඳහන් කළේය.






















