Sunday, November 8, 2026
HomeNEWSඑක්නැළිගොඩ නඩුවේ සාක්ෂිකරුවෙකුට බන්ධනාගාරය තුළදී තර්ජන

එක්නැළිගොඩ නඩුවේ සාක්ෂිකරුවෙකුට බන්ධනාගාරය තුළදී තර්ජන

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂිකරුවෙකුට බන්ධනාගාරය තුළදී එල්ල වී ඇති තර්ජන පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

අදාළ නඩුවට අදාලව අසත්‍ය සාක්ෂි ලබාදීමේ සිද්ධිය මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සුමතිපාල සුරේෂ් නැමැති සාක්ෂිකරුට මෙලෙස තර්ජන එල්ල වී ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව විනිසුරුමඩුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට අදාල වාර්තාවක් මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එමෙන්ම සාක්ෂිකරුට බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, ඔහුට නීතිඥවරු හමු වී උපදෙස් ලබා ගැනීමට අවකාශ ලබාදෙන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බන්ධනාගාර කොමසාරිස්ජනරාල්වරයාට නියම කර තිබෙනවා.

අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ අනතුරුව නඩු විභාගය ලබන 18 වනදා දක්වා කල්තැබුණු අතර එතෙක් සාක්ෂිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img