Sunday, November 8, 2026
HomeNEWSජාවාරමට එරෙහිව පෙරට ආ නුවර තරුණයෝ

ජාවාරමට එරෙහිව පෙරට ආ නුවර තරුණයෝ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ අද දින උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ජාවාරම්කරුවෙකු විසින් එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීමට තරුණියකගෙන් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

අදාළ තරුණිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය වෙත පැමිණ තිබුණි.

එම අවස්ථාවේ එහි සිටි තරුණයන් පිරිසක් මෙලෙස මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීමට උත්සාහ කළ පුද්ගලයාට විරෝධය පළකර සිද්ධියට සම්බන්ධ බවට සැක තිදෙනෙකු පොලීසිය වෙත භාරදී තිබේ.

කෙසේ වෙතත් පොලිස් නිළධාරින් විසින් කිසිදු පරීක්ෂණයකින් තොරව නිදහස් කිරිමට යාමේදි මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

පසුව එම ස්ථානයට මහනුවර පොලිස් සථානාධිපතිවරයා පැමිණ ඇති අතර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම ජාවාරමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධව ඇත්දැයි සෙවීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img