Wednesday, November 11, 2026
HomeNEWSඑක්ස්ප්‍රස් පර්ල් - ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

එක්ස්ප්‍රස් පර්ල් – ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු තුන් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සභාපති වරයා, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු 16 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට වග උත්තරකරුවන් පියවර ගෙන නොමැති බවය.

එම ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් විශාල සාගරික මෙන්ම පාරිසරික හානියක් සිදු වූ බවද පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා ඇත.

එමෙන්ම නෞකාව ගිනිගැනීම නිසා මුහුදුබත් වූ සහ ගොඩබිමට එක්වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු විවිධ ද්‍රව්‍ය පරිසර හිතකාමී ආකාරයට ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ නෞකා සමාගම් වෙත නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img