Wednesday, November 11, 2026
HomeNEWSමහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.

දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරාගැනිමට නොහැකි 2021 / 2022 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය තරඟකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමය කරමින් පොහොර ආනයනය කිරීමට තීරණය වී තිබේ.

ඒ අනුව සීමාසහිත ලංකා පොහොර සමාගම ට සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙත තරඟකාරී ලංසු කැඳවා ඇත.

අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ අදහස් දැක්විය.

“2021 / 2022 මහ කන්නය සඳහා කාබනික පොහොර සහ ස්වාභාවික ඛනිජ, කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබාදීලා තියෙනවා. දේශිය කාබනික පොහොර නිෂ්පාදනයෙන් සම්පූර්ණ අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් එම විශේෂිත පොහොර කාබනික පොහොර ලෙස රටට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අනුමැතිය ලබාදීලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img