Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඑජාප නායකත්වයට තවත් නම් 3ක්

එජාප නායකත්වයට තවත් නම් 3ක්

එජාප නායකත්වයට තවත් නම් 3ක්

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය කාට හිමිවන්නේදැයි අද (12) දැනුම්දීමට නියමිතව තිබුණ ද අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙවර මහ මැතිවරණයෙන් ලද දරුණු පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණි.

එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවය.

පක්ෂ නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වී තිබුණි.

එදින මහ ලේකම්වරයා පැවසුවේ ඔවුන් සිව්දෙනා අතුරින් අයෙකු පක්ෂ නායකත්වයට අද තෝරාගන්නා බවය.

පසුව එම නාම යෝජනාව එළැඹෙන සිකුරාදා කෘත්‍යාධීකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වූ සාකච්ඡාව අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසේ දී පැවැත්වුණි.

නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද නොහැකි වූ බව පක්ෂ මහ ලේකම්වරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නව නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන සිකුරාදා ප්‍රකාශයට පත්කරන බවය.

මේ අතර නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජේවර්ධන යන මහත්වරුන් මෙන්ම පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ නම ද යෝජනා වී ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img